Kaha Pata Mal - කහ පාට මල්

SKU:
ASW-NOV-01332
US $20.00
(No reviews yet) Write a Review

Kaha Pata Mal - කහ පාට මල්

Author: Aseni Warsha

කතෘ: අසෙනි වර්ෂා

Publisher: Nohandunanni Publishers

Novel - නවකතා 

ISBN: 978-624-555-865-0

 

මට ඕන පොතක චරිතයක් වෙන්න. හැමදාම මිනිස්සුන්ට මතක තියෙන චරිතයක්... ඔයාට එහෙම ඕන නැද්ද..?”

"නෑ. මට පුරාවෘතයක් වෙන්න ඕන නෑ.සරදියෙල් මීනුකා වගෙ... කෝවලන් කන්නගි වගෙ... සිද්ධාර්ථ යශෝධරා වගේ.. එයාලා පුරාවෘත වුණේ වෙන්වීම ළඟ... අහිමි වීම ළග... ඒ විතරක් නෙවෙයි, ඔයා අර කිව්ව දම්මි සුගත්... අරවින්ද.. දෙවොන්දොරා නොරිකො.. එයාලත් වෙන්වුණා.එයාලටත් අහිමි වුණා. ඒ නිසා මට එපා එහෙම. මිනිස්සුන්ට මතක තියෙන චරිතයක් වෙනවට වඩා,පොතක චරිතයක් වෙලා අමරණීය වෙනවට වඩා, ගෙවන පුංචි කාලය හරි ආදරේ කරන අය එක්ක ගෙවලා මැරිලා යන්න මං කැමතියි.”

එහෙත් සත්වි,,, ඈ නිහඬවම අසා හිඳ සිනාසුනේ පොළවට ය.

"දන්නවද... සමහර ඉරණම් වෙනස් කරන්න බෑ.සමහර අය ඉපදෙන්නෙම පුරාවෘත වෙන්න. ඒක එයාලට ඕන වුණත්, නැතත්.”